විපස්සනා
එස් එන්. ගොඑන්කා විසින් උගන්වනු ලබන පරිදි

භාවනාව
සයාජී ඌ බා කින් තුමාගේ සම්ප්‍රදායට අනුව
ශබ්ද මාලාව
සාමාන්‍ය
ද්වි භාෂා පාඨමාලා Bilingual courses මෙම පාඨමාලාවල දී ඉගැන්වීම කරනු ලබන්නේ භාෂා දෙකකිනි. රාත්‍රි ධම්ම දේශනාවන් වෙන් වෙන්ව අසන්නට ලැබේ.
Old students are those who have completed a 10-day Vipassana Meditation course with S.N. Goenka or his Assistant Teachers. Old students have the opportunity to provide Dhamma Service at the courses listed.
All courses are run solely on a donation basis. All expenses are met by donations from those who, having completed a course and experienced the benefits of Vipassana, wish to give others the same opportunity. Neither the Teacher nor the assistant teachers receive remuneration; they and those who serve the courses volunteer their time. Thus Vipassana is offered free from commercialisation.
පාඨමාලා මධ්‍යස්ථානවලදී සහ මධ්‍යස්ථාන නොවන ස්ථානවල දී පවත්වනු ලැබේ. භාවනා මධ්‍යස්ථාන යනු අවුරුද්දක් පාසා නිරන්තරයෙන් පාඨමාලා පවත්වනු ලබන ඒ සඳහා අවශ්‍ය පහසුකම් සළසා ඇති ස්ථාන වේ. Before meditation centers were established in this tradition, all courses were held at temporary sites, such as campgrounds, religious retreat centers, churches and the like. Today, in regions where centers have not yet been established by local students of Vipassana who live in the area, 10 Day meditation courses are held at non-center course sites.
පාඨමාලා වර්ගය
Old Student Short Courses (1-3 days) are for any student who has completed the 10-day course with S.N. Goenka and his assistant teachers. All old students are welcome to apply to attend these courses, including those where it has been some time since their last course.
10-දින පාඨමාලා විපස්සනා භාවනා ක්‍රමය දවසින් දවස හඳුන්වා දෙන පාඨමාලාවකි. පස්වරු 2- 4 කාලය තුළ ලියාපදිංචි කිරීම සහ පාඨමාලා පූර්ව දේශනයකින් පාඨමාලාව පටන් ගෙන දින 10 ක් පුරා භාවනා කිරීමෙන් පසු 11 වන දින උදෑසන 7.30 ට අවසන් වෙයි.
10 දින විධායක පාඨමාලා ව්‍යාපාරික විධායකවරුන් සහ රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂයෙන් සකස් වූ, විපස්සනා භාවනාව හඳුන්වා දවසින් දවස පියවරෙන් පියවර උගන්වනු ලබන පාඨමාලාවකි.වැඩි විස්තර සඳහා කරුණාකර විධායක පාඨමාලා වෙබ් අඩවියට පිවිසෙන්න . පස්වරු 2.00 සිට 4.00 දක්වා රෙන ලියාපදිංචි කිරීම සහ පාඨමාලා පූර්ව ේශනයකින් පසුව දස දින පාඨමාලාව ආරම්භ වී 11 වන පෙරවරු 7.30 ට පමණ අවසන් වෙ.
පැරණි සිසුන් සඳහා 10 දින පාඨමාලා වල අනුගමනය කරනු ලබන්නේ ද, 10- දින පාඨමාලාවල විනය නීති මාලාව සහ කාලසටහන වේ. මේ පාඨමාලාවන් විවෘත වන්නේ අවම වශයෙන් 10-දින පාඨමාලා තුනකුත්, එක් සතිපට්ඨාන පාඨමාලාවකුත් සම්පූර්ණ කර ඇති, අන්තිම 10-දින පාඨමාලාවෙන් පසු වෙනත් භාවනා ක්‍රමයක් අනුගමනය කර නැති, අවම වශයෙන් එක් වසරක් වත් දිගට ම මේ භාවනා ක්‍රමය අනුගමනය කර ඇති, එදිනෙදා ජීවිතයේ දී පංච ශීලය පිළිපැදීමට වෙර දරන, එමෙන්ම, දෛනිකව භාවනාව පවත්වා ගෙන යාමට උත්සාහ කරන, දැඩි උනන්දුවක් දක්වන පැරණි සිසුන් සඳහා ය.
10 දින විශේෂ පාඨමාලාව දැඩි උනන්දුවක් දක්වන, මේ භාවනා ක්‍රමයට කැප වී සිටින , අවම වශයෙන් දින දහයේ පාඨමාලා 5කුත්, එක් සතිපට්ඨාන භාවනා පාඨමාලාවකුත් සම්පූර්ණ කර ඇති, එමෙන්ම අවම වශයෙන් එක් දස දින පාඨමාලාවකවත් ධම්ම සේවය කර ඇති, වසර දෙකක කාලයක් තිස්සේ භාවනා කිරීම පවත්වා ගෙන යන පැරණි සිසුන් සඳහා පමණි.
20-දින පාඨමාලාව විවෘතව තිබෙන්නේ මේ භාවනා ක්‍රමයට කැප වී සිටින, අවම වශයෙන් 10-දින පාඨමාලා පහකුත්, එක් සතිපට්ඨාන පාඨමාලාවකුත් සම්පූර්ණ කර ඇති , එමෙන්ම අවම වශයෙන් එක් 10-දින පාඨමාලාවක ධම්ම සේවය කර ඇති, අවම වශයෙන් දෙවසරක් පුරා භාවනා කිරීම නිති ලෙස පවත්වා ගෙන ආ දැඩි උනන්දුවක් දක්වන පැරණි සිසුන් සඳහා ය.
30-දින පාඨමාලා විවෘත වන්නේ අවම වශයෙන් 10-දින පාඨමාලා හයකුත් ( එක් පාඨමාලාවක් පළමුවන 20-දින පාඨමාලාවෙන් පසුව ), එක් 20-දින පාඨමාලාවකුත්, එක් සතිපට්ඨාන පාඨමාලාවකුත් සම්පූර්ණ කර ඇති, වසර දෙකක කාලයක් තිස්සේ භාවනා කිරීම දිගටම පවත්වා ගෙන යන දැඩි උනන්දුවක් දක්වන , මෙම භාවනා ක්‍රමයට කැප වී සිටින පැරණි සිසුන් සඳහා පමණි.
45-දින පාඨමාලා විවෘත වන්නේ අවම වශයෙන් 10-දින පාඨමාලා හතකුත්, ( එක් පාඨමාලාවක් අන්තිම 30-දින පාඨමාලාවෙන් පසුව) 30-දින පාඨමාලා දෙකකුත්, එක් සතිපට්ඨාන පාඨමාලාවකුත්, සම්පූර්ණ කර ඇති පසු ගිය වසර තුනක කාලයක් තුළ නිති ලෙස භාවනාවේ යෙදුන සහායක ගුරුවරුන්ට සහ ධම්ම සේවයේ නියුක්ත පුද්ගලයන්ට පමණි.
60-දින පාඨමාලා විවෘත වන්නේ 45-දින පාඨමාලා දෙකක් ද, මෙම භාවනා ක්‍රමය අවම වශයෙන් වසර පහක කාලයක්වත් ප්‍රගුණ කර ඇති, දිනපතා භාවනා කිරීම පවත්වා ගෙන යන, ප්‍රාණඝාතයෙන් වැළකී සිටින,කාමමිත්‍යාචාරයෙන් වැළකී සිටින, මත් පැන් මත් ද්රව්‍යවලින් වැළකී සිටින, අනිකුත් ශික්ෂාපද හැකිතාක් දුරට අවම වශයෙන් වසරක කාලයක් ආරක්ෂා කරමින් සිටින, පසුගිය දීර්ඝ පාඨමාලාවෙන් පසු හය මාසයක පරතරයක් ඇති, ධම්මසේවයට කැපවී සිටින පුද්ගලයින් සහ සහායක ගුරුවරුන් සඳහා පමණි.
ළමා පාඨමාලා විවෘත වන්නේ භාවනා කිරීමට කැමති වයස අවුරුදු 8-12 අතර සියලු ළමුන් සඳහා ය.ඔවුන්ගේ දෙමාපියන් / භාරකරුවන් භාවනා යෝගීන් වීම අවශ්‍ය නොවේ.
පැරණි ශිෂ්‍ය වැඩසටහන සේවා / වැඩ කාල පරිච්ඡේදයට සමාන වේ. මධ්‍යස්ථානය නඩත්තු කිරීම්, ඉදි කිරීම්, ගෘහස්ථ සහ උද්‍යාන ව්‍යාපෘති ආදි වැඩ කටයුතු වලට කාලය ඇති අතර, සහායක ගුරුවරුන් හමුවීම, කමිටු රැස්වීම්, භාරකාර මණ්ඩල රැස්වීම් ආදි කටයුතු සඳහා වැඩි අවස්ථා ඇත. සියළුම පැරණි සිසුන්ට සහභාගි වීමට ඇරයුම් කෙරේ. සමූහ භාවනා තුනක් සහ වැඩ කාලයන් මෙයට ඇතුළත් වන අතර සන්ධ්‍යාවේ දී පැරණි සිසුන් සඳහා ගොඑන්කා තුමා විසින් කරන ලද විශේෂ දේශනා වලට ඇහුම්කම් දීමට ද ඉඩ සැලසෙනු ඇත.
පොදු දිනය හෙවත් විවෘත දිනය පවත්වනු ලබන්නේ පාඨමාලා දෙකක් අතර
සතිපට්ඨාන පාඨමාලා වලදී ද අනුගමනය කරනු ලබන්නේ 10-දින පාඨමාලා වල කාලසටහන සහ විනය නීතිමාලාවමය. වෙනසකට ඇත්තේ සන්ධ්‍යා කාලයේ සතිපට්ඨාන සූත්‍රය විග්‍රහ කරමින් ධර්ම දේශනාව පැවැත්වීමයි. විපස්සනා භාවනා ක්‍රමය ක්‍රමානුකූලව මෙම සූත්‍රයෙහි උගන්වනු ලැබේ.මෙම පාඨමාලාවලට සහභාගි විය හැකි වන්නේ 10-දින පාඨමාලා තුනක් සම්පූර්ණ කර ඇති, ( කර ඇති ධම්මසේවා මෙයට අඩංගු නැත.) අවසාන 10-දින පාඨමාලාවෙන් පසුව වෙනත් භාවනා ක්‍රමයක් අනුගමනය නොකළ, වසරක් පුරා මෙම විපස්සනා භාවනා ක්‍රමය දිගටම අනුගමනය කළ, දිනපතා භාවනා කිරීම පවත්වා ගෙන යන, එමෙන්ම , මෙම පාඨමාලාව සඳහා ඉල්ලුම් කළ දිනයේ සිට දෛනික ජීවිතයේ දී පන්සිල් ආරක්ෂා කිරීම ගැනත්, මෙම භාවනාව ගැනත් දැඩි උනන්දුවක් දක්වන පැරණි සිසුන් සඳහා පමණි.
පැරණි සිසුන් සඳහා වන ස්වයං පාඨමාලාවල කාල සටහන මෙන්ම විනය නීති මාලාව ද 10-දින පාඨමාලාවක මෙන් වේ. වෙනස වන්නේ එහි පාඨමාලාව මෙහෙයෙවන ගුරුතුමෙකු නොවීමයි. මෙම වැඩසටහනට සහභාගි විය හැකි වන්නේ 10-දින පාඨමාලා තුනක් සම්පූර්ණ කර ඇති, අවසාන 10-දින පාඨමාලාවෙන් පසුව වෙනත් භාවනා ක්‍රමයක් අනුගමනය නොකළ, වසරක් පුරා මෙම විපස්සනා භාවනා ක්‍රමය දිගටම අනුගමනය කළ, එමෙන්ම , දෛනික ජීවිතයේ දී පන්සිල් ආරක්ෂා කිරීම ගැනත්, මෙම භාවනාව ගැනත් දැඩි උනන්දුවක් දක්වන පැරණි සිසුන් සඳහා පමණි
සේවා කාලය - වැඩ කාලය වෙන් කර ඇත්තේ මධ්‍යස්ථානයේ නඩත්තු කටයුතු,ඉදිකිරීම්, ගෘහ සහ උද්‍යාන ව්‍යාපෘති සඳහාය. සියළුම පැරණි සිසුන්ට මේවාට සහභාගි වීමට ඇරයුම් කෙරේ. දෛනික කාලසටහනට සමූහ භාවනා තුනක් සහ උදේ සවස සේවා කටයුතු අඩංගු වේ. සමහර සන්ධ්‍යාවන්හි ගොඑන්කා තුමා විසින් පැරණි සිසුන්ට කරන ලද විශේෂ දේශනාවලට සවන් දීමට සවන් දීමට හැකි වනු ඇත.
යොවුන් ආනාපාන පාඨමාලා පැවැත්වෙන්නේ වයස අවුරුදු 13-18 දක්වා වූ වයස් සීමාවේ පසුවන සියලුම ගැටවරයන් සඳහා ය. ඔවුන්ගේ දෙමාපියන්/භාරකරුවන් විපස්සනා භාවනා යෝගීන් වීම අවශ්‍ය නොවේ.